Tuesday, November 13, 2018

චතුර්විධ බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ හැඳින්වීමක්.







හැදින්වීම

ලෝකයෙහි පවත්නා ප්‍රධාන බෞද්ධ ගුරුකුළ ත්‍රිත්වය අතරින් මහායාන බෞද්ධ සම්ප්‍රදායට අයත් ගුරුකුළයකි තන්ත්‍රයානය. මෙම ගුරුකුළයට හිමිවන්නේ ඉන් තෙවැනි ස්ථානය යි. මහායාන බෞද්ධ සම්ප්‍රදායේ මූලබීජය මහාසංඝික නිකාය යි. දෙවැනි ධර්ම සංගායනාවේ දී මහාසංඝික භික‍ෂූන් පාපී භික‍ෂූන් ලෙස හංවඩු ගසා පිටත් කිරීම නිසා තමන්ගේ තත්ත්වය උසස් කර ගැනීම ස`දහා වචනයක් සොයමින් සිටි ඔවුහු මහායාන යන වචනය තමන් ස`දහා යොදා ගත් අතර විරුද්ධවාදීන් හැ`දින්වී ම ස`දහා හීනයාන යන වචනය භාවිතා කළ ය. ඓතිහාසිකත්වය අතින්් ථෙරවාද සම්ප්‍රදාය ප්‍රමුඛ වන අතර මහායානය දෙවැනි ස්ථානය නියෝජනය කරයි. තන්ත්‍රයානයට හිමි වන්නේ තෙවැනි ස්ථානය යි.

තන්ත්‍රයානික බෞද්ධයන් තන්ත්‍ර යනුවෙන් අදහස් කරන ලද්දේ මූලික වශයෙන් ම තම සාම්ප්‍රදායික ධර්ම කරුණු ඉදිරිපත් කිරීම ස`දහා රචිත ග්‍රන්ථ විශේෂයක් ලෙස ය. උක්ත අර්ථයෙන් ගත් විට තන්ත්‍ර යනුවෙන් අදහස් කෙරෙනුයේ ධර්ම ග්‍රන්ථ ය. එම ධර්ම ග්‍රන්ථ පදනම් කර ගනිමින් ඇති වූ අදහස් තන්ත්‍රයානය නම් වූ බෞද්ධ සම්ප්‍රධායට හේතු විය. මෙම තන්ත්‍ර යන වචනය ආගමික ජීවිතයේ අවස්ථා සතරක් ද ඛෙදීගිය ගුරුකුළ සතරක් ද හැ`දින්වීමට භාවිතා කරනු ලැබේ.

මෙම තන්ත්‍රයාන සම්ප්‍රදායේ ආරම්භක කාල වකවානුව පිළිබ`දව ඒකවතිකත්වයක් නොමැත. කෙසේ වෙතත් මෙම සම්ප්‍රදාය භාරත දේශයේ ආරම්භ වන්නේ කි්‍ර.ව. 06 වන සියවසේ දී බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමයි. තන්ත්‍රයානිකයන්ගේ සාම්ප්‍රදායික විශ්වාසය ස්වකීය සම්ප්‍රදායෙහි මතිමතාන්තර බුදුන් වහන්සේ විසින් ම දේශනා කරන ලද බව යි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද තන්ත්‍රයානය උන්වහන්සේගේ ඉල්ලීම පරිදි එය අවබෝධ කිරීමට හැකි පිරිස් ලොව ඉපදෙන තාක් පැවතීම ස`දහා දකුණු ඉන්දියාවෙහි ෙඓත්‍යයක වජ්‍රසත්ත්ව නම් මහා සිද්ධවරයා නිදන් කරන ලද බවට විශ්වාසයක් ඇත. මෙම ෙඓත්‍යය විවෘත කොට ආර්ය නාගාර්ජුන පාදයන් විසින් තන්ත්‍රයාන ග්‍රන්ථ එළියට ගෙන ප්‍රචාරයට පත් කරන ලද බව ද විශ්වාස කෙරේ.

තන්ත්‍රයානයෙහි ආරම්භය පිළිබ`ද වගකීම තන්ත්‍රයානිකයන් විසින් සුප්‍රකට මහායාන බෞද්ධාචාර්යවරුන් දෙදනෙකු වන නාගර්ජුන හා අසංග ශිමිවරුන් වෙත පවරනු ලැබේ. මේ අයුරින් ආරම්භ වූ තන්ත්‍රයානය ක්‍රමක්‍රමයෙන් විකාශයට පත්ව විශ්ව ව්‍යාප්්ත බෞද්ධ සම්ප්‍රදායක් බවට පත් විය.


තන්ත්‍රයානයෙහි පසුබිම හා එහි ප්‍රභවය

    මන්ත්‍ර හා තන්ත්‍ර භාවිතය කවරදා ආරම්භ වී දැයි නොකිව හැකි නමුදු, මානව සමාජයේ සභ්‍යත්වය ආරම්භ වූ ඒ ඈත අතීතයේ පටන් භාවිත වූ බැව් පිළිගැනේ. එමෙන් ම හින්දු ජෛන බෞද්ධ ආගම්වල මුල් අවදියේ පටන් ම මන්ත්‍ර හා තන්ත්‍ර භාවිත වූ බව ද දක්නට ලැබේ. හින්දු ආගමේ තන්ත්‍ර භාවිතය ඍග් වේද කාලයේ ආරම්භ වී අථර්ව වේද යුගයේ සම්පූර්ණ වූවා යැයි සලකති. ආදියේ පටන් ම මිනිසා විසින් විශ්වයේ අද්භූත ශක්තීන් පිළිබ`දව විශ්වාස කරන ලදි. ඒ අනුව නොයෙක් දෙවිවරුන් මෙම ශක්තීන්හි සංකේත වශයෙන් සලකනු ලැබූහ. මානව වර්ගයා විසින් විශ්වය පැවැත්වීමෙහි ලා මෙම ශක්තීන් විවිධ අයුරින් උපයෝගී කර ගන්නා ලද හ. මෙම දෙවිවරුන්ගේ අනුකම්පාව ලබා ගැනීම ස`දහා යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුප්ත ක්‍රමවේද භාවිතා කළ හ. එමගින් ඔවුන්ගේ අපේක‍ෂාව වූයේ ස්වල්ප උත්සාහයකින්, දෙවියන්ගේ උපකාරයෙන් සහ කෙටි කලකින් සිය අභිලාශයන් සඵල කර ගැනීමයි. මිනිසා තම අභිමතාර්ථ සාධනය කර ගැනීම් වස් කිසියම් සරල මාර්ගයක් සෙවීමෙහිලා නිරන්තර උත්සාහයක නියැලී සිටිය හ. ඔවුනගේ විශ්වාසය වූයේ යන්ත්‍ර මන්ත්‍ර වැනි ගුපත් මෙන් ම සරල මාර්ගයක උපකාරයෙන් දෛවී ශක්තීන් තම වස`ගයට පත් කර සිය ලෞකික ජීවිතයේ සුභසිද්ධිය හා ලෝකෝත්තර සුඛය සම්පාදනය කර ගත හැකි බව යි. මන්ත්‍ර තන්ත්‍ර භාවිතය ද මෙබ`දු සරල මාර්ගයකි.


තන්ත්‍ර ශබ්දය හා එහි අර්ථ විග්‍රහය

     තන් ධාතුවෙන් සිද්ධ තන්ත්‍ර ශබ්දයෙන් අදහස් කරන ලද්දේ පෘතුල ඥාන ශක්තිය යන්නයි. ඒ බව තන්‍යතෙ විස්තාර්යතෙ ඥාන මනෙනෙති තන්ත්‍රම් යනුවෙන් විග්‍රහ වේ. තන් යන්නෙන් පළල් කිරීම ත්‍රෛ යන්නෙන් ආරක‍ෂා කිරීමත් අදහස් කෙරේ. ඒ අනුව පුළුල් ඤාණයෙන් යුතු තැනැත්තාගේ ආරක‍ෂාව සලසන ශාස්ත්‍රය තන්ත්‍ර ලෙස සැලකිය හැකිය. කල්යත් ම මෙහි අර්ථය පුළුල් ව ශාස්ත්‍ර - අනුෂ්ඨාන - විඥාන - සිද්ධාන්ත - විෂයෙහි ද තන්ත්‍ර ශබ්දය භාවිත විය. මහාභාරතයෙහි න්‍යාය - ධර්මශාස්ත්‍ර - යෝග ශාස්ත්‍රයන් ස`දහා ද තන්ත්‍ර ශබ්දය යොදා ගෙන ඇත. එහෙත් පසු කාලයේ තන්ත්‍ර ශබ්දයේ අර්ථය සීමා සහිත විය. ගුණ කර්ම ආදියෙන් දෙවියන් අනුස්මරණය කරන, ඒ ස`දහා වූ මන්ත්‍ර තන්ත්‍ර සහිත යන්ත්‍ර ඇතුළත් පටල පද්ධති කවච සහස්‍රනාම ස්තෝත්‍ර යන අංග පසින් යුක්ත වූ ග්‍රන්ථයන්ට තන්ත්‍ර යැයි ව්‍යවහාර විය. මහාභාරත නැමති ග්‍රන්ථයේ දී න්‍යාය ධර්ම ශාස්ත්‍ර සිද්ධාන්ත ක්‍රමෝපාය ගුප්තශාස්ත්‍ර යන වචන තන්ත්‍ර ස`දහා භාවිත කොට තිබේ. තවත් විග්‍රහයකට අනුව තන්ත්‍ර යන්නෙහි මූලික අර්ථය වනුයේ වියන ලද වස්ත්‍රයක නූල් එකිනෙකට සම්බන්ධව පවත්නා ආකාරයෙන් අඛණ්ඩව හා ඒකාබද්ධව පැවැත්ම යි. මේ සියල්ලම සලකා බලන කල්හි උත්තරීතර අධ්‍යාත්ම ශක්තිය ලැබීමේ ප්‍රතිපත්ති හා ක්‍රමවේදය තන්ත්‍ර ලෙස හැ`දින්වීම යුක්ති යුක්ත ය.


 තාන්ත්‍රික බුදුසමයෙහි ප්‍රභවය

     මන්ත්‍ර තන්ත්‍ර බෞද්ධයන් අතර ව්‍යාප්ත වූයේ කවරදාක ද යන්න ගැටළු සහගත ප්‍රශ්නයකි. කෙසේ නමුත් බෞද්ධ තාන්ත්‍රික ක්‍රමවේදයන් භාවිතා කිරීමට පටන් ගත්තේ බුදුන් දවස සිදු වූ ඇතැම් සිද්ධීන් ගුරුකමට ගෙන විය හැකි ය. එකල පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් අසහසට පැන නැග රත් ස`දුන් පාත්‍රය ගැනීම ද, මුගලන් තෙරුන් වහන්සේ නන්දෝපනන්ද නාගරාජයා දමනය කිරීම ද ගුරුකමට ගත් තාන්ත්‍රිකයෝ දේශනාවේ ස`දහන් ඉද්ධි - යෝග ආදිය නිසා එය වැඩීමට පෙළඹුණහ. බුද්ධත්වයට පත්වීමට පෙරාතුව ද බෝසතාණන් වහන්සේ විසින් ද තන්ත්‍ර ක්‍රම පුරුදු කරන ලදි. මෙබ`දු සාදක වලින් පෙනී යන්නේ තාන්ත්‍රික ධර්මයේ මූල බීජය බුද්ධ කාලයේ දී ම ආරම්භ වූ බවයි.

   බුද්ධත්වයට පත් වීමෙන් අනතුරුව බුදුරදුන් විසින් ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන ලදි. එම සිදුවීම ආදි බුදුසමයේ ආරම්භය ලෙස සැලකිය හැකි ය. බෞද්ධ ඉගැන්වීම් තුළ මධ්‍යමක සම්ප්‍රදාය හෙවත් ශ+න්‍යතාවාදී චින්තනය ආරම්භ වීම දෙවැනි ධම්මචක්කපවත්තනය ලෙස ස`දහන් කරනු ලැබේ. තන්ත්‍රයානිකයන් පිළිගන්නා ආකාරයට තන්ත්‍රයාන සම්ප්‍රදායෙහි ආරම්භය තථාගතයන් වහන්සේගේ තෙවැනි ධර්මචක්‍ර ප්‍රවර්තනය වේ.

  බෞද්ධ තන්ත්‍රයාන සම්ප්‍රදාය අනිකුත් බෞද්ධ නිකාය හා සම්බන්ධයක් නොමැති සුවිශේෂී ලෙස ඇතැම් විට කෙනෙකුට පෙනී යා හැකි ය. නමුත් ඒ පිළිබ`දව පර්යේෂණ පවත්වා ඇති විද්වතුන් පිළිගන්්නා පරිදි තන්ත්‍රයානය වනාහි හීනයාන හා මහායාන බෞද්ධ සම්ප්‍රදායයන්හි අදහස්වල ක්‍රමික විකාශයක ප්‍රතිඵලයකි. තන්ත්‍රයානිකයින් මහායානය හා තත් සම්ප්‍රදාය අතර ඇති සම්බන්ධය පැහැදිලි කරනුයේ මහායානය, සූත්‍රයානය හෙවත් පාරමිතායානය ලෙසත් තන්ත්‍රයානය, මන්ත්‍රයානය ලෙසත් දැක්වීමෙනි. මෙම සන්සන්දනයෙහි විශෙAෂිත අංග ලෙස පෙන්වා දෙන්නේ මහායාන සූත්‍රයන් ඉතා දීර්ඝ බැවින් එවා බැහැර කොට ඉතා කෙටි වූ මන්ත්‍ර භාවිතය ද, බෝධිසත්ත්ව වරයෙකු ලෙස දීර්ඝ කාලයක් පාරමිතා පිරීමෙන් ලබාගත යුතු වූ බුද්ධත්වය ඉතා කෙටි කාලයකින් මන්ත්‍ර භාවිතය මගින් ලබා ගැනීමට හැකි බව පෙන්වීම ස`දහා ය.

   ස්වාභාව ධර්මයේ රහස්‍ය ඉගැන්වීම් වූ තන්ත්‍ර හා තාන්ත්‍රික අදහස් නාගාර්ජුන ආචාර්යයන් විසින් නිර්මාණය කරන ලද බව තාරානාථගේ අදහසයි. හින්දු අදහස් බුද්ධාගම කෙරෙහි බලපැවැත්ම ඔවුන්ගේ තන්ත්‍රක්‍රම බුද්ධාගමට ඇතුළත් වීමට හේතු වූ නමුත් ඇතැම් බෞද්ධ නිකායිකයන් බුදුන් ලෝකෝත්තර තත්ත්වයෙන් සැලකීම බෞද්ධ තන්ත්‍රයන්ගේ සම්භවයට හේතු විය. බෞද්ධ තන්ත්‍රික ධර්මය ආරම්භ වීම නිසා මන්ත්‍රයානය - වජ්‍රයානය - සහජයානය - කාලචක්‍රයානය - තන්ත්‍රයානය ආදී ශාඛා කීහිපයකට ම මහායානය කැඩී ගියේ ය. මේ අයුරින් ප්‍රභවය වූ තන්ත්‍රයානය ක්‍රම ක්‍රමයෙන් විකාශයට පත් විය.



තාන්ත්‍රික බුදුසමයේ මූලික ඉගැන්වීම්

     ක්‍රි.ව. පළමුවන සියවස වනවිටත් බෞද්ධ තන්ත්‍රයානයක ආරම්භයක් පිළිබ`දව සාධක සොයාගත නො හැකි ය. එනමුත් කාලයක් තිස්සේ ජෛන හා බෞද්ධ ඉගැන්වීම් තුළ ඇතුළත් වූ තාන්ත්‍රික අදහස් සංවිධානය වීමෙන් ක්‍රි.ව 1 වන සියවසේ පමණ රචිත යැයි සැලකෙන මංජුශ්‍රී මූලකල්පය නම් මහායාන සූත්‍ර තුළ බෞද්ධ තන්ත්‍ර සම්ප්‍රදායයේ මූලික ඉගැන්වීම් මෙලෙස සහ`දන් වේ. එනම්

1.     ධාරණී

2.     මන්ත්‍ර

3.    මුද්‍රා

4.    මණ්ඩල



ධාරණී

     ධාරණී යනු ආගමික හා දාර්ශනික වටිනාකමකින් යුක්ත අධ්‍යාත්මික ජීවිතයේ ආරක‍ෂාව උදෙසා රචිත ග්‍රන්ථ විශේෂයකි. ධාරණී යන්නෙහි අර්ථය විමසා බැලීමේ දී දැරීම, ඉසිලීම, දරාසිටීම, ආදී අරුත් පැවසේ. හීනයානිකයන්ගේ පිරිත් වැනි වූ මේ ධාරණීහු මාහායාන බෞද්ධයන්ගේ ආරක‍ෂාක මන්ත්‍රයෝ ද වෙත්. වසංගත රෝගවලින් මෙන් ම සතුරු උවදුරු වලින් ආරක‍ෂා වීම, අමනුෂ්‍ය උවදුරු වලින් මෙන් ම වස විෂ ආදියෙන් ආරක‍ෂාව, චිරාත් කාලයක් ජීවත් වීම, චණ්ඩ වනසතුන් හීලෑ වීම ආදිය ධාරණී භාවිතය නිසා ලැඛෙතියි මහායානිකයෝ ප්‍රකාශ කරති. ධාරණී භාවිතය වේද යුගයේ සිට ම පැවතිණ. අථර්ව වේදයේ හුදෙක් ආරක‍ෂාව පමණක් උදෙසා නිධයො වා නිධයො වා ඕම් වා ඕම් වා එ ඓ ඕම් ස්වර්ණ ජ්‍යොතිඃ යනාදි අර්ථශ+න්‍ය මන්ත්‍ර භාවිත කළ බැව් මැක් ඩොනල්ඩ් මහතා සංස්කෘත සාහිත්‍යය නැමති ග්‍රන්ථයේ දී පවසා ඇත. ධාරණී භාවිතය හින්දුන්ගෙන් මහායානිකයන් අතර ද, ඔවුනගෙන් හීනයානිකයන් අතර ද ව්‍යාප්ත වී ගියේ ය.

    මහායානිකයන් ගේ සූත්‍රයන් තුළ ධාරණී ඛෙහෙවින් දක්නට ලැබේ. ධාරණී අතර සහ මහායාන සූත්‍ර අතර එතරම් ලොකු සම්බන්ධයක් නොමැති වුව ද අපරිමිතායුධ්‍යාන සූත්‍රය මහහායාන සූත්‍රයන් අතර දක්නා ධාරණියකි. බොහෝ ධාරණී වල ප්‍රඥාපාරමිතා සූත්‍රයේ උද්ධෘත පාඨ දක්නට ලැබේ. මහායාන බෞද්ධ සාහිත්‍යයේ උසස්ම ග්‍රන්ථයක් වන සද්ධර්මපුණ්ඩරීක සූත්‍රයෙහි එක් පරිච්ඡේදයක් සම්පූර්ණයෙන් ම ධාරණී පාඨ ස`දහා වෙන් කොට ඇත. මහායාන සූත්‍ර අතර ලංකාවතාර සූත්‍රයේ එක් පරිච්ඡේදයක් සම්පූර්ණයෙන් ම ධාරණී වලින් සමන්විත වේ. මෙයට අමතර ව සුඛාවතීව්‍යුහ, අමිතායුර්ධ්‍යාන සූත්‍රය වැනි මහායාන සූත්‍ර වල ද අන්තර්ගත වේ. ධාරණී කොටස් තුනකට වර්ග කළ හැකි ය.

හීනයාන ධාරණී -  අටානාටිය සූත්‍රය, රතන සූත්‍රය, ගිනි පිරිත, මෝර පිරිත

මහායාන ධාරණී -  සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය

තාන්ත්‍රික ධාරණී -  ධාරණී

   ධාරණී විශාල ප්‍රමාණයක් ලියැවී ඇති නමුත් දැනට විද්‍යාමාන වනුයේ ඉතා අඩු ප්‍රමාණයකි. නේපාලයේ පඤ්චරක‍ෂා නමින් ධාරණී පසක් විශේෂයෙන් භාවිතා කරති. එනම්

1 මහාප්‍රතිසාරා - පාපය ව්‍යාධිය යනාදියෙන් ආරක‍ෂාව ගෙන දෙන

මහා සහස්‍රමර්දිනී - භූත උපද්‍රව වළක්වන

3 මහාමයුරි - සර්ප භය දුරු කරන

4 මහා ශීතවතී - ග්‍රහදෝෂ සහ වන වෘග භය දුරු කරන
5 මහා - මන්ත්‍රානුසාරී සියලූ රෝදුක්් වලින් වැළකීමට

මේ අයුරින් විමසා බැලීමේදී හින්දුන්ගේ ධාරණී බුද්ධාගමට ඇතුළත් වූ බැව් ද, මහායාන බුද්ධාගම ලක්දිව පැතිරී යෑමේ දී මහායාන ධාරණී හීනයාන බුද්ධාගමට ඇතුළත් වූ බැව් සනාත කරති.


මන්ත්‍ර

            ලෞකික හා ලෝකෝත්තර අර්ථ සිද්ධිය විෂයෙහි මන්ත්‍ර භාවිතය තන්ත්‍රයානයෙහි මූලික ආගමික ලක‍ෂණයක් වේ. තන්ත්‍රයානිකයන් විශ්වාස කරන පරිදි තම ප්‍රතිපදාව මහායානයට වඩා උසස් වනුයේ මෙම මන්ත්‍ර භාවිතය තුළින් සිය අභිලාෂයන් වඩාත් ඉක්මනින් සඵල කර ගත හැකි බැවිනි. බී. භට්ටාචාර්ය විසින් සාධනමාලාවෙන් ගෙන හැර දක්වන ආකාරයට කිමස්ත්‍යසාධ්‍යං මන්ත්‍රාණං යොජිතානං යථාවිධී? විධිමත් පරිදි භාවිත කරනු ලබන මන්ත්‍ර වලින් ඉෂ්ඨ කර ගත නොහැක්කේ කුමක් ද? යනුවෙන් නගනු ලබන පැනයෙන් ගම්‍ය වනුයේ මන්ත්‍ර වලින්් ඉටු කර ගත නො හැක්කක් නොමැති බව ය.

මණ්ඩල

     තන්ත්‍රයානික ඉගැන්වීම් අතර මණ්ඩල ද ඉතා වැදගත් වේ. මණ්ඩලය සාමාන්‍ය අර්ථයෙන් ගත් විට සාම්ප්‍රදායික ව ලෝකය පිහිටා ඇති ආකාරය නිරූපණය කිරීමකි. සිනේරු පර්වතය මධ්‍යයෙහි ද සතර මහා දිවයින් සතර දිශාවෙන් ද පිහිටා ඇති ආකාරයෙන් එය සකස් කරනු ලැබේ. මණ්ඩලය මගින් සාමාන්‍ය ලෝකය නිරූපණය වෙන අතර ම පස් බුදුවරුන් හා සම්බන්ධ කොට නිර්මාණය කිරීමේ දී ඉන් නිරූපණය වනුයේ පිරිසිදු භාවයට පත් වූ විශ්වය යි. මණ්ඩලයක් සකස කිරීම භාවනාවක් වන අතර එය පූජාවක් ද වේ. එක් එක් බුදුවරයෙක් වෙනුවෙන් සුවිශේෂ ලක‍ෂණ වලින් යුත් මණ්ඩල ඇති අතර ඒවා නිර්මාණය කිරීම එම බුදුවරුන් වෙත කරන වන්දනාවක් ද වේ.

           බුදුවරුන් පිළිබ`ද ව කතා කිරීමේ දී එක් එක් බුදුවරයෙකුට සුවිශේෂ වූ මුද්‍රා ද තිඛෙන අතර අක්ෂොභ්‍ය, වෛරොචන, අමීතාභ, රත්නසම්භවන හා අමෝඝසිද්ධි යන බුදුවරුන් වෙත පිළිවෙළින් භූමිස්පර්ශ, ධර්මචක්‍ර, සමාධි, වරද හා අභය යන මුද්‍රා ආරෝපණය කොට ඇත. ඒ අනුව එම බුදුවරුන් නිර්මාණය කිරීමේ දී එම මුද්‍රා සහිත ව මණ්ඩලය තුළ හා ඉන් පිටත ද නිර්මාණය කරනු ලැබේ. මණ්ඩල හතරැස් කොටු තුළ නිර්මාණය කරනු ලබන කවාකාර චිත්‍රයක් හෝ මූර්තියකි.

සමාලෝචනය

    යථෝක්ත කරුණු විමසා බැලීමේ දී තන්ත්‍රයානයේ මූලික ඉගැන්වීම් කෙබ`දු ද යන්න අනාවරණය වේ. එමෙන් ම තන්ත්‍රයානික ඉගැන්වීම් තුළින් අපේක‍ෂිත අරමුණු මෙන් ම තාන්ත්‍රික සම්ප්‍රදායේ මූලික සිද්ධාන්ත පිළිබ`දව ද දැනගැනීමට හැකියාව උදා වේ. එමෙන් ම මෙම ඉගැන්වීම් ඉතා සංකීර්ණ වූ ආගමික ඉගැන්වීමක් බව ද කිව යුතු ය. කෙසේ නමුත් අධ්‍යයනය කළ යුතු පොදුවේ මහායාන ධර්මයට අයත් සුවිශේෂ ඉගැන්වීමකි.



ආශ්‍රිත ග්‍රන්ථ

ලක්දිව මහායාන අදහස්, සාසනරතන ස්ථවිර, මොරටුවේ

තාන්ත්‍රික බුදුසමය, විමලඤාණ හිමි, නාඔටුන්නේ

අභිනන්දන ශාස්ත්‍රීය කලාපය, ධම්මානන්ද නාහිමි, හෝමාගම (221-230 පිටු)



ශාස්ත්‍රවේදී තලංගල්ලේ අනුරුද්ධ හිමි
ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙණ
කලුතර දකුණ

3 comments:

  1. බුදුන් වහන්සේ විසින් ප්‍රශ්ණ විසදිමෙදි යොදාගත් චතුර්විධ ක්‍රමවේද මොනවද?

    ReplyDelete
  2. බුදුන් වහන්සේ විසින් ප්‍රශ්ණ විසදිමෙදි යොදාගත් චතුර්විධ ක්‍රමවේද මොනවද?

    ReplyDelete
  3. වජ්‍රයාන බුදු දහම පිළිබඳවත් මේ විදියෙ ලිපියක් පළ කරන්න පුළුවන් නම් වටිනවා අපෙ හාමුදුරුවනේ.

    ReplyDelete